Search This Blog

Loading...

Thursday, May 17, 2012

බුදුදහමට ප‍්‍රාග්ධනය හමුවීම

ලෝකයේ භෞතික දියුනුව හිනිපෙත්තට නැගී ඇතැයි අපි සිතා සිටිමු. එම නිසාම පැරනි ලෝකයේ නොදියුනු අගතිගාමී පැරනි දේ නව ලෝකයේ දී අවලංගුව යනු ඇතැයි සමාජයේ පොදු මතයයි. නමුත් මේ තත්වය හමු වේ ආගමට සිදු වූයේ කුමක්ද? එය අඩංගු භාජනයේ හැඩය ගන්නා ජලය මෙන් ලෝකයේ සමාජ නිෂ්පාදනය වෙනස් වෙත්දී ඒ ඒ සමාජයේ නිෂ්පාදන හැඩරුවට අනුව ආගමේ ස්වරූපය වෙනස් විය. ඉන්දියාවේ බුද්ධාගම ප‍්‍රභවය වෙන්නේ සමාජ නිෂ්පාදනයට සමාජ සංවර්ධනයට බාදාවක් වූ ඒ නිසාම රාජ්‍ය පාලනයට විලංගුවක්ව පැවති. බ‍්‍රාහ්මන ආදිපත්‍යට විරුද්ධව රාජ කුමාරවරුන් (ක්‍ෂතී‍්‍රයයන්) විසඳුම් සොයා ගමන් කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසය. අද ග‍්‍රහලෝක තරණ යුගයයි. අතීතයේ මෙන්ම මෑත ඉතිහාසයේ බෞද්ධාගමේ හැසිරීම අපගේ උක්ත ප‍්‍රවාදය තහවුරු කිරීමට කදිම ආලෝකයක් සපයයි. ලංකාවේ ඉතිහාසය තුල බෞද්ධාගම රාජ්‍ය දෘෂ්ඨිවාදය තහවුරු කල අතර මහා වංශය එයට දෙස් දෙයි. දුටුගැමුණු වලගම්බා කීර්ති විජයබාහු පුරා වෘත්ත වලින් අපට ඒ වග තවදුරටත් පසක් කරයි. වැව පන්සල දාගැබ සංකල්පය තුලින් එවකට බෞද්ධාගමේ සමාජ නිෂ්පාදන පදනම හෙලිදරවු වන අතර එයට අදාල ලෙස වතාවත් පවා බෞද්ධාගම තුල ස්ථාපිත විය. අළුත් සහල් මංගල්‍ය වර්ෂාව පතා කෙරෙන දළදා පෙරහැර සහ දළදා ප‍්‍රදර්ශන ආදිය එලෙස අපට වටහා ගත හැක. යටත් විජිත යුගයේ අන්‍ය ආගමික ආක‍්‍රමණයට එහෙහිව බෞද්ධාගම තම ව්‍යුහය වෙනස් කරගත් අතර පරම විඥානාර්ථ සමාගම හරහා කරලියට පැමිනි නලින් ද සිල්වාට අනුව ඕල්කට් බුුද්ධාගම පිරිවෙන් වලට එහි ආකෘතියට වෙනස් මිෂනාරි අධ්‍යාපනයට සමාන ආකෘතියෙන් යුත් බෞද්ධ පාසල් ආරම්භ කරන ලදී. තවද පන්සිල් ගැනීම හරහා බෞද්ධයෙකු විය හැකිය යන අදහස සමාජ ගත වන්නේද මේ යුගයේදීය. ඉන් පසු අප අත් දකින්නේ ලාංකීය වාමාශික ව්‍යාපාරයේ බලපෑමට ලාංකීය බෞද්ධාගම පත් වීමයි ලංකාවේ ප‍්‍රසිද්ධ භික්‍ෂූන් වල්පොල රාහුල, උඩකැන්දවෙල සරනංකර ආදී හිමිවරු වාමාංශික පක්‍ෂ වල කි‍්‍රයාකාරී විය. ඉන්පසු සිංහල ජාතිකවාදය උත්කර්ශයට නැගුනු බන්ඩාරනායක යුගයේ ලාංකීය බෞද්ධාගම බන්ඩාරනායකවාදී විය. බෞද්ධාගමේ පුරුෂාර්ත වලට පටහැනිව ජාතිවාදය ලෞකිකවාදයට යට විය. ඉන් පසු ජේ ආර් පේ‍්‍රමදාස යුගයේ දී ආගම වාමාශිකයින්ගෙන් බේරා ගැනීමට ලාංකීය භික්‍ෂුන් ජේආර් පේ‍්‍රමදාස සරන ගියේය. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ බෝධි පූජාව සංවිධානය වීම මහා පරිමාණ දාන මාන දීම් මෙකල සුලභ විය. හොරකමට ප‍්‍රණගාතයට එරෙහි බෞද්ධාගම මෙකල මහා පරිමානයෙන් සිදු වූ රාජ්‍ය භීෂණ හා තරුණ සංහාරය නොදුටු වා සේ කටයුතු කලේය. මෙම යුගය සුවිශේෂී වීමට තවත් හේතුවක් විය. මාක්ස් පැවසුවේ ප‍්‍රාග්ධනය ලොව සෑම අස්සක් මුල්ලක් නෑර පැතිරෙන බවයි නමුත් මෙම යුගයට විශේෂයෙන්ම හැත්තෑව දශකයේ අගභාගය පෙර අප සිතුවේ ආගම් සිරිත්විරිත් ආදී සංස්කෘතික හා අධ්‍යාත්මික ක්‍ෂේත‍්‍ර ප‍්‍රාග්ධනයේ තර්කණයට(මෙම අදහස සරලව පැවසුවහොත් මුදලට යටවීමට) හසු නොවනු ඇති බවයි. හැත්තෑව දශකයට පෙර මෙම ක්‍ෂේත‍්‍ර තුල මුදල් ගැවසුනද එය විශාල වරදක් ලෙස සමාජයේ විශ්වාසය විය. ඊට එරෙහිව විශාල සමාජ විෙවිචන මතු විය. නමුත් මේ යුගයේ (ජේ ආර්ගේ සිට මහින්ද දක්වා)මේ සියළු විශ්වාසයන් බිඳ දමමින් මෙම සංස්කෘතික හා අධ්‍යාත්මික ක්‍ෂේත‍්‍ර තුලට ප‍්‍රග්ධනය ගලා ආෙවිය. මිනිසුන්ද ඒ පිළිබඳ විරෝධයක් නොදැක්වීය. මෙහි විශේෂත්වය වන්නේ විද්‍යාවේ දියුනුව සමග එමෙන්ම මාක්ස්වාදයේ හේතුවාදයේ දැනුම සමාජ ගත වීම සමග ආගමේ මිථ්‍යා අදහස් මිනිසුන් විස්වාස නොකරන තත්වයක් විය. පෞද්ගලිකව මිනිසුන් සමග සාකච්ඡුාවේදී ඔවුන්ගේ මතය එයයි. නමුත් ඔවුන් ප‍්‍රසිද්ධියේ ඔවුන්ගේ දැනුමට පරස්පරව ආගම් ඇදහීමේ යෙදී සිටී. මෙම තත්වය කතාන්දරයක් හරහා තේ්රුම් ගැනීමට අපි උත්සාහ කරමු. ඔහු අපේ මිතුරෙකි. තම පෙම්වතියට ත්‍යාග ලෙස බුද්ධ රූප ලබා දෙන බුදු දහම කෙරේ අතිශය දැඩි ඇල්මෙන් කටයුතු කරන රුසියාවේ වෛද්‍ය උපාධිය හැදෑරූවෙකි. ඔහු hand free එකක් දෙකනේරුවා ගත් hip pop ගායකයෙකු සේ සැරසී නූතන තාරුණ්‍ය සංකේතවත් කරන්නෙකි. තවද බෞද්ධාගමික ගාථා පාඨ,පිරිත් මුමුනන තම IPod තුල ඒවා ගබඩාකරගෙන ඊට සවන්දෙන තම කාමරයේ සරාගී ජෙනිෆර් ලෝපස්ට,බි‍්‍රට්නිට ස්පියර්ස්ට,එමිනෙම්ට,වෙන් කල ඉඩ තුලම ඉහල ස්ථානයක බුද්ධ රූපයෙකටත් ඉඩ වෙන් කල කාය වර්ධන මධ්‍යස්ථානයකට ගොස් ශරීරය වර්ධනය කරගැනීමටface book හි මිතුරු ඇසුරට වැයකරන කාලයට සමාන කාලයක් භාවනා මධ්‍යස්ථානයකට යාමටත්වෙන් කල තරුණයෙකි. ඔහුගේ පෙම්වතිය වූ තරුණිය ද වෛද්‍යවරියකි. නවීන බටහිර විලාසිතාවන්ගෙන් සැරසී සිටින අතරම තම අත්බෑගයේ රූපලාවන්‍ය උපකරණ අතරම පිරිත්පැන් පිරවූ කුප්පියක් තබාගෙන සිටී. තම නවීන ජංගම දුරකථනයේ dish play එකට බුද්ධ රූපයක් යොදා ගෙන දෑතේ රත්රන් රීදී වළළු පරයමින් බැඳි පිරිත් නූල්ගොන්නකි. මොවුන් දෙදෙනාගේ අරමුණ පන්සලක් තුල තම විවාහෝත්සවය බෞද්ධාගමානුකූලව සිදු කිරීමයි. අප දියුනු යැයි සලකන නූතන තරුණ පරම්පරාවේ මෙම කතාන්දරය අප වටහා ගන්නේ කෙසේද? ඇමරිකාවේ ලාස්වේගාස්හි මං තීරු කීපයක් සහිත අධිවේගී මාර්ගයක ගොනෙක් බැඳි කරත්තයක් දෘෂ්‍යමාන වීම හා මෙය සමපාත නොවන්නේද? ග‍්‍රහ ලෝක තරණ යුගයේ මිනිසා තම ශරීරයේ ශෛල දක්වාම සියුම් සැත්කම් කරන වෛද්‍ය ක‍්‍රමයක් උගත් වෘත්තිකයන් ආසියාතික වැඩවසම් ආගමක් තම ජිවිතය හසුරුවන හුය බවට පත්කරගෙන ඇත්තේ ඇයි? එය යථාර්තයද නැතිනම් මීට පෙර පැවසූ පරිදි ඔවුන් බෞද්ධාගමික අදහස් විස්වාස නොකලද නරුමවාදී ලෙස එයම අදහමින් සිටීද?ඇත්තෙන්ම එය එසේය. බෞද්ධ (ථෙරවාදය/ මහායාන) ඕෂෝ තන්ත‍්‍ර ෂෙංෂුයි වැනි ආගම් වල නවීකරණයවූ මෙම පුනරාගමනය අප වටහා ගත යුත්තේ කෙසේද? සමාජය යහපත දෙසට සංක‍්‍රමණය වීමක්ලෙසද? නැතිනම් කොතරම් භෞතික දියුනුවක් පැවතුනද මිනිසා තුල ඒ සියල්ලටම පිරවිය නොහැකි හිස්කමක් මෙම නවීකරණයවූ ආගම විසින් සපුරන බවද,එම නිසා කොතරම් මිත්‍යාවක් වුවද මිනිසුන් එය අදහමින් සිටී. වැඩවසම් සමාජයන්හි බිහිවුනු ආගම් එම සමාජයන්ගේ නිෂ්පාදන ක‍්‍රමයට අනුරූපවිය. උත්තර් නිරිමිතයේ අංගයක්වූ ආගම සමාජ පදනම කෙරෙහිද බලපෑම්සහගත විය. ආගම හා සමාජ පදනම අතර සම්භන්දය නිතරම දයලෙක්තික සම්භන්දයක් විය. මෙසේ ආගම වැඩවසම් ක‍්‍රමයට අනුරූපවූ අතර සමාජීය වෙනස් කම් සිදුවෙද්දී ධනේශ්වර ක‍්‍රමයට අනූකූල වන පරිදි යලිත්් ප‍්‍රථිසංස්කරණයවිය. බෞද්ධාගම මහායාන ලෙස ලෞකිකකරණයවීමද ක‍්‍රිස්තියානිය ප්‍රොතෙස්තන්ත‍්‍රවාදය ලෙස වෙනස් වීමද අප වටහා ගත යුත්තේ උක්ත අර්ථයෙනි. ප‍්‍රවේශයක් ලෙස අප දැක්වූ වර්තමාන කාලයට අදාල තරුණ/තරුණයින්ගේ ආගමික ප‍්‍රබෝධය හා එසේම ඊට අනුරූපී ලෙස බුද්ධාගමේ සිදුවූ ව්‍යුහාත්මක මෙන්ම අභ්‍යන්තරික වෙනස්කම් අප වටහා ගන්නේ කෙසේද? අප මුලින් කතා කල හැත්තෑවේ දශකයෙන් පසු ලාංකීය බෞද්ධාගම නැතහොත් ලිබරල්වාදයේ මුල් යුගයේ හා වර්තමානයේ වෙනත් ලෙස අර්ථ දැක්වුවහොත් සංස්කෘතික හා අධ්‍යාත්මික ක්‍ෂේත‍්‍ර ප‍්‍රාග්ධනයේ තර්කණයට (මුදලේ තර්කණයට)ගොදුරු වූ යුගයේ ලාකීය බෞද්ධාගමේ ස්වරූපය අප විමසා බලමු. අද දවසේ එදා පැවති භික්‍ෂූන්ගේ අල්පේච්ඡු ජීවන විලාශය ඊට හාත්පසින් වෙනස් ලෙස රූපාන්තරණය වී ඇත. අතීතයේ සුසාන වෙත ගෙනගොස් දමන මල මීනි ආවරණය කර ඇති රෙදි කඩවල් පඬු දමා කහ පැහැති ලෙස සාදාගෙන, එමරෙදී කුඩා තීරු නිසාවෙන් කුඹුරක ලියද්දක පරිදි මූට්ටු කර වස්ත‍්‍ර ලෙස භාවිතාකරණ ලදී. සමාජ සංවර්ධනය සමග චාරිත‍්‍රයක් ලෙස පංශුකූලය සමග ලැබෙන රෙදි කඩ පසුකලෙක පඬු දමා සිවුර සකස් කර ගත් අතර අද දවස වන විට ඉතා වටිනා රෙදි භාවිතා කල මැසූ සිවුරු නවීන විලාසිතාගාර වල අලෙවිකරනු දැකිය හැකිය. වර්ණවත් වටිනා සිවුරක් තුලින් භික්‍ෂුවකට ලැබෙන වටිනාකම කුමක්ද? ධනවාදයේ වත්මන් මොහොතේ පොදුවේ මිනිස් ජිවිත මුහුන දී ඇති පරාරෝපණය භික්‍ෂු සමාජයද ගිල ගත් ආකාරයමේ තුලින් නිරූපණයවේද? එසේම ආරණ්‍යවාසී විය යුතුය. රුක්‍ෂ මූලික විය යුතුයැයි. ශික්‍ෂාපැනවී තිබූ බුදුදහම තුල කලෙක පෞද්ගලිික ආරාම පූජා පවා පිලිගැනීම ඇකැප විය. ඒ වෙනුවට අද දවසේ විහාරස්ථාන අසපු යන නාමකරණය වෙත රූපාන්තරණයවී ඇති අතර නවීන ගෘහ භාණ්ඩ ව්ද්්‍යුත් උපකරණ නවීන නානකාමර වැසිකිලි පද්ධතීන් සහිත සුඛෝපභෝගී පහසුකම් ඒවා තුල නිර්මාණය වීඇත. ධර්ම දේශනා විලාශයද පෙර පැවති පුරුෂ කටහඬ වෙනුවට ධර්මදේශකයානන් වහන්සේලාගේ කටහඬ ස්තී‍්‍රකරණය වී ඇත.පෙර යුගයේ ධර්ම දේශනාවලට වස්තු විෂයකොට ගත්තේ ධම්ම පදය ජාතක කතා ආදී බෞද්ධ මූල ග‍්‍රන්ථයි ඔවුන් තමාගේ ධර්ම දේශනය තහවුරු කලේ ජාතක පොත ති‍්‍රපිටකය අදි ධර්ම ග‍්‍රන්ථවල පාඨ උපුටා ගනිමිනි. නමුත්අද දවසේ කාලීන බණ යැයි ඕනෑම දෙයක් ධර්ම දේශනා සඳහා භික්‍ෂූන් භාවිතාකරමින් සිටී. ලෞකික ජීවිතයේ නිස්සාරබව දේශනා කල භික්‍ෂු සමාජය අද දවසේ යහපත් විවාහ ජීවිතයක් ගත කරන සැටි,අඹුසැම් ආරවුල් විසඳන හැටි නිවාස ඉදි කිරී මහා ගර්භනී මවිවරුන්ට උපදෙස්දීම පවා ධර්ම දේශනා හරහා කරමින් සිටී. බෞද්ධ ධර්මයේ පුරුෂාර්ථ වලට පයින් ගසමින් භික්‍ෂූන්වහන්සේලාට මෙවන් වෙනස්වීමකට බලපෑ සමාජ තතු මොනවාද? ගිහි සමාජය ගිලගත් ධනේශවර සමාජ අගතීන්ගෙන් මිදීමටභික්‍ෂු සමාජයට පවා නොහැකි වූ බව ලියුම්කරුගේ හැඟීමයි. සමාජයේ පොදු විස්වාසයට අනුව ආගම භෞතික සැප සම්පත් දෙනවා වෙනුවට අධ්‍යාත්මික සුවයක් යෝජනා කරන ප‍්‍රපංචයකි. නමුත් මෙම යුගයේ මිනිසුන්ගේ් පරම නිෂ්ඨාව හැකිතාක් පරිභෝජනයයි. ආගම මෙම උවමනාව වෙනුවෙන් තම ආකෘතිිය වෙනස් කලේ ඉහත පරිදිය. අල්පේච්ඡු බව වෙනුවට නව විලාසිතා ආදේශ විය. රූපලාවන්‍ය උපක‍්‍රම හරහා තම රූපය ආකර්ශනීය බවට පත් කැර ගත්තේය. නවීන මිළ අධික සිවුරු ආදිය මිනිසුන් ආගමික හරයෙන් මිනිසුන් ආකර්ශනය කරනවා වෙනුවට සාටෝපවත් ආකෘතියක් එයට ආදේශ විය. විශාල බුදු පිලිම,චෛත්‍ය,ධර්ම ශාලා ගොඩ නැගෙන්නේද මේ අරුතිනි. කාල් මාක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ ලියූවේ ප‍්‍රාග්ධනය ලොව හැම අස්සක් මුල්ලක් නෑර අඛන්ඩව ප‍්‍රාසාරණ වන බවයි. ආගම් සාර ධර්ම ආදී සමාජ ඇගයුම් පවා ප‍්‍රාග්ධනයේ තර්කණයට හසු වන බව මාක්ස් එහිදී පැවසූ කාරණයේ සරලම අර්ථයයි. එසේම බෞද්ධාගම මෙසේ නව ලිබරල් ධනවාදයේ සමාජ ආර්ථික සැකැස්මට අනුරූපවීම හා නලිීන් ද සිල්වා පවසන පරිදි ඕල්කට් බුද්ධාගම නැතහොත් රාමචන්ද්‍රට (රාමචන්ද්‍රගේ අඩවිය-බ්ලොග් සටහන)අනුව යෙහෝවා බුද්ධාගම ලෙස රූපාන්තරණයවීම අදහාගත නොහැකි පුදුම සහගත කි‍්‍රයාවලියක් ලෙස අප වටහා ගත යුතු නැත. එමෙන්ම මෙම නවීකරණය වූ බෞද්ධාගම තරුණ පරපුර ආකර්ශනය වීම අපවටහා ගන්නේ කෙසේද? පාරිභෝජනවාදයේ ගොදුරක්ව එය තම ජීවිතයේ පරම නිෂ්ඨාව බවට පත් කර ගත් නූතන පරම්පරාව කොතරම් පාරිභෝජනවාදී සංස්කෘතියේ ගිළුනද ඔවුන් බලාපොරොත්තු වන පරම තෘප්තිය ලබා ගත නොහැක. කොතරම් ලෞකික සැප සම්පත් පරිභෝජනය කලද එය නිස්සාරය. පරිභෝජනය පිලිබඳ බෞද්ධ අදහස එයයි. නව ලිබරල් ආකෘතිය විසින් මිනිසා තුල ඇති කරන මෙම අතෘප්තිය මෙම ලිබරල්වාදී ආර්ථික මොඩලය පවත්වාගෙන යන හුය වනවා සේම බෙෘද්ධාගමික දෘෂ්ඨිවාදය තුල ලෞකිකත්වය වෙනුවට අධ්‍යාත්මික සැප උත්කර්ශයට නැගීම වෙනුවට ලෞකිකත්වය වර්ධනය කර ගැනීම වෙත තම අරමුණ සීරුමාරු කර ඇත. බත් හා ව්‍යාංජන ගැනීම තුල නැති තෘප්තියක් ප‍්‍රයිඞ් රයිස් එකක නැතිනම් පීසා එකක චීන හෝ විදෙස් ආහාර වේලක ඇතැයි යන හැඟීම,ලාංකීය ඇඳුම් පැලඳුම් වලට වඩා විදෙස් විලාසිතා වල තමා ලස්සන කරන අරුම පුදුම බලයක් ඇතැයි විස්වාස කිරීම,දේශිය ලිංගික සහකාරියකගෙන් ලබනවාට වඩා තෘප්තියක් තායිලන්ත තුර්කි රුසියන් ගනිකාවකගෙන් ලබා ගත හැකි යැයි සිතීම මෙම පාරිභෝජනවාදී චින්තනයේ ස්වභාවයයි. නමුත් මේ කුමන උසස් ඉස්තරම් පාරිභෝගික භාණ්ඩයක් පරිභෝජනය කලද අප විශ්වාස කරන පරම තෘප්තිය ලැබිය නොහැක. අපගේ ආශාව තව තවත් අපෙන් ඈතටයයි. හැම විටම අපගේ උපරිම තෘප්තිය සිතිජය සේ අප ඉදිරියේ දෘෂ්‍යමානවේ. මාක්ස්ට අනුව මේ නිසා මිනිසා ස්වයංව මෙන්ම සමාජීය වශයෙන්ද පරාරෝපණයට ලක්වේ. අද දවසේ තාරුණ්‍ය ස්වභාවය පරාරෝපිත තත්වයක් ලෙස අපට වටහා ගත හැක. මෙම පරාරෝපිතත්වය තුල නූතන තරුණයා බෞද්ධාගමික නැඹුරුවක් දක්වා යන්නේ තමාගේ ජීවිතයේ අතෘප්තිකරභාවය විසින් ඇති කරන හිස් තැන ආගම විසින් පුරවාවි යන හැඟීමෙනි. නමුත් නූතන ලිබරල් ආර්ථික මොඩලය තුල ආගම ද පාරිභෝගික භාණ්ඩයක් දක්වා පිරිහුනු තත්වය තුල ආගමද අපගේ පරම නිෂ්ඨාව සිතිජය දක්වා ඈතට යවනවා මිිස සැබෑ පිළිතුරක් සම්පාදනය නොකරයි. එසේ නම් අපගේ අදහස විය. යුත්තේ බෞද්ධාගමේ මෙම නූතන නවීකරණය වූ ආගමනය අතාර්කික බවයි. දේපල මුදල් ස්ත‍්‍රී ප‍්‍රශ්න මත මෙම නවීකාරක බුද්ධ පුත‍්‍රයින්ගේ ගහමරා ගැනීම් පිළිබඳ ප‍්‍රවෘත්්ති ඒ පිළිබඳ නිදර්ශන අපට සපයයි. කලින් කලට උත්කර්ශයට නැගෙන මෙවන් බෞද්ධාගමික ප‍්‍රවනතා සමාජයේ මූලික ගැටළුව සඟවන අතර නූතන ලෝකයේ සමාජ ආර්ථික දේශපාලන ගැටළු වසර දහස් ගණනක් පැරනි මිථ්‍යා දෘෂ්ඨික වැඩවසම් අගතීන් වල හිරකරයි. බෞද්ධාගමේ ලිබරල්කරණයට පෙර මූලික ස්වරූපය එය ප‍්‍රභවය වූ යුගයේ ප‍්‍රගතිශීලී කර්තව්‍යක් ඉටු කල බව මිනිසුන් විස්වාස කලේය. අද දවසේ එයට ප‍්‍රගතශීලී කර්තව්‍යක් ඉටු කල නොහැක. ඒ මෙම ලිබරල්කරණය තුල ආගම පාරිභෝගික භාණ්ඩයක් වීම හා මුදලේ තර්කණයට හසු වීම හේතුවෙනි. ආගම ව්‍යාජ දෘෂ්ඨිවාදයක් බව මාක්ස්වාදී දාර්ශනික පැහැදිලි කිරීමයි. මාක්ස් ආගම් අබිං යැයි කියන්නේ ඒ නිසාය. තවද පාරිභෝජනවාදය ද ව්‍යාජ දෘෂ්ඨිවාදයකි. ලංකාව තුල බෞද්ධාගම හැම විටම අධිපති දෘෂ්ඨිවාදය ආරක්‍ෂා කල අතර ඒ වෙනුවෙන් පෙනී සිටියේය. විශේෂයෙන්ම සමාජයේ වතාවත් හරහා ධනේශ්වර දෘෂ්ඨිවාදයට මිනිසුන් ගොදුරු කිරීමේ කි‍්‍රයාවලිය ආගම තුලින් හොඳින් සිදුවිය. නවීකාරක බෞද්ධාගම අන්තර්ගතය වෙනුවට ආකෘතිය උත්කර්ශයට නගන්නේ එම නිසාය. පැරනි ආගම තුල ප‍්‍රථිපත්ති පූජා උත්කර්ශයට නැගුනු අතර ආමිශ පූජා අප‍්‍රධාන විය. නැතිනම් මෙම අංග දෙකම සම තත්වයෙහිලා සැලකුනි. මෙය පැරණි බෞද්ධාගමික සම්ප‍්‍රදායට පරස්පරය පවතින ක‍්‍රමයට මිනිසා බැඳ තබන දෘෂ්ඨිවාදී විලංගුවක් බවට ආගමික වතාවත් පත්වී ඇත්තේද එම නිසාය. ඒ නිසාවෙන් ආගමේ පැරණි ස්වරූපය මෙන්ම නවීකාරක ස්වරූපයද අද දවසේ ප‍්‍රගතිශීලී සමාජ කාර්්‍යයක් ඉටු නොකරයි. අප සාකච්ඡුා කල ලිිබරල්කරණය වූ බෞද්ධාගම හුදු ජනපි‍්‍රයවාදයක් පමණි. මිනිසුන්ට මානසික අල්ලස් ලබා දෙන්නකි. ආගමින් සිදු විය යුත්තේ මිනිසුන් සත්‍ය වෙත රැුගෙන යන පෙරටුගාමීත්වයකි. ඒ වෙනුවට මිත්‍යාවක් බව දැන දැනත් එය නොදත් සේ අද දවසේ ආගම් ඇදහීම මිනිසුන්ගේ අතෘප්තිිමත් පරාරෝපිත ජීවිතයට ආගම අර්චන වස්තුවක් කර ගැනීමකි. නමුත් අද දවසේ එම කාර්්‍යය සැපිරිය හැක්කේ මාක්ස්වාදී න්‍යායෙන් මග පෙන්වන දියුනු සමාජ ව්‍යාපාරයකට පමක් බව අපේ හැඟීමයි.

Saturday, April 14, 2012

පන්තිය දෘෂ්‍යමාන නොවීමේ යථාර්තය


එදා අප සමාජ අවබෝධය ලබා ගත් හා මේ සමාජය වෙනස් කල යුතුය යන උත්තේජනය ලබා ගත්තේ ගෝර්කි, ටෝල්ස්ටෝයි, මාක් ට්වේන්, ඩොස්ටයෙව්ස්කි,ගොගෝල් ආදීන්ගේ යථාර්තවාදී(Realism) නව කතා කියවීම හරහාය. ඒවා තුලින් අපට එක් පසකින් අනන්ත දුක් ගැහැට විඳිමින් ධනපතියන්ට හා වැඩවසම් අධිපතීන්ට සේවය කරන පීඩිත පන්තියක් හා අනිත් පසින් ඔවුන් පීඩාවට පත් කර සූරාකමින් සුර සැප විඳින පීඩක පන්තියක් පෙන්නුම් කලේය. ඒ මාක්ස් එංගල්ස්ට තම මාක්ස්වාදී දර්ශනය (මාක්ස්වාදය දර්ශනයක් නොව ප‍්‍රති දර්ශනයකි.(Anti Philosophy) දර්ශනයට විකල්පයකි.)බිහි කරන යුගයේ යුරෝපයේ හා ලෙනින්ට මාක්ස්වාදය රුසියාව තුල ප‍්‍රායෝගිකත්වයට නගද්දී ඔවුන්ට දක්නට ලැබුනු මිනිස් සමාජයයි. කම්කරුවන් ගොවීන් ධනපතියන් එසේ නැත්නම් සූරා කන්නන් හා සූරා කෑමට භාජනය වන්නන් ලෙස අනුභූතිකව හඳුනා ගැනීමට එකල හැකිවිය.
මුලින් අප සඳහන් කල යථාර්තවාදී නව කතා වල චරිත වල දිස්වූ ස්්වරූපයේ කමිකරුවන් හෝ පීඩිතයන් අද ලාංකීය සමාජයේ අපට දක්නට ලැබෙන්නේ ඉතා අඩු ප‍්‍රථිශතයකි. ඒ වතුකරයේ ,උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූවන් හා ඇතැම් ලූම්පන් ජනතාව අතරය. බහුතරයක් අපට දක්නට ලැබෙන්නේ කාර්ගිල්ස්,ජෝන් කීල්ස්් වැනි සුපිරි වෙළඳ සැල්වලින් පාරිභෝගික භාන්ඩ(Commodities) මිළ දී ගන්නා නවීන විලාසිතා වලින් සැරසී කිසිදු පීඩාවකට අසාධාරනයකට ලක් නොවූ ජීවිතයේ උපරිම තෘප්තිය අත්විඳින සේ පෙනෙන ජනතාවක්ය. ඔවුන් වෙත ගොස් ඔබ නිර්ධන පන්තියේය. ධනපති පන්තිය ඔබ සූරා කමින් ඔබට සියළු අයිතීන් අහිමි කර ඇතැයි ඔබට විමුක්තිය ලැබිය හැක්නේ සමාජවාදී සමාජ ක‍්‍රමයකදී යැයි පැවසුව හොත් ඔවුන් උපහාසයෙන් සිනාසෙනු ඇත. ඒ ඇයි ? මාක්ස් පැවසූ පන්තිය වර්තමාන සමාජයට අදාල නැතිද නැත හොත් පන්ති භේදය සහමුලින් සමාජයෙන් අතුරුදහන් වී ගොස්ද? වාමාශික ව්‍යාපාරයේ පොදු පසු බෑම තුලමේ කාරණය අප වටහා ගන්නේ කෙසේද?
කම්කරුවන් ගොවියන් ආදීන් විමුක්තිය ලබා ගැනීමට ධනපතියන්ට එරෙහිව අරගල කර නිෂ්පාදන මාර්ග වල අයිතිය ලබා ගත යුතුය. ඒ ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස, අධ්‍යාපනය ආදී මිනිස්් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහාය. තමා ශ‍්‍රමය කැපකරමින් නිපදවන භාණ්ඩය එය වෙළඳ පොල සඳහා නිපදවන්නක් නිසා තමා ගෙන් ආගන්තුක වස්තුවක් වීම,එම නිසාම එය නිපදවීමට වැය කල ශ‍්‍රමයෙන් ඈත්වීම,එම නිසාම තමාගෙන් ඈත්වීම,එම නිසාම තමා ද අයත් සමාජයෙන්ම ඈත්වීමෙන් ආදී කොට චතුර් ආකාරයකින් පරාරෝපණයවේ. තවද තම ශ‍්‍රමය තමාටම ආගන්තුක වීම තුල ස්වීයත්වයෙන් ඈත්වීම හරහා අනන්‍යතා ගැටළුවක්ද(තමා කවුරුන්ද යන වග) මතුවේ. තම ජීවිතය පවත්වා ගැනීමට තරම්වත් පරිභෝජන අවස්ථාවක් එම යුගයේ මිනිසාට නොවුනු අතර මාක්ස්ගේ වෑයම වූයේ මිනිසුන්ගේ පරිභෝජන අවශ්‍යතා ඉටු කිරීම හරහා ධනේශවර ක‍්‍රමය නිසා මිනිසාට අහිමි වූ මනුෂ්‍ය ස්වභාවය වාර්ගික ජීවිතය නැවත අත්පත් කර දීමයි. මිනිසාගේ කාන්සාව නැතිනම් පරාරෝපණය (Alienation) අවසන් කිරීමයි.
පලමු ලෝක යුද්ධය සමකාලීනව රුසියාවේ සමාජ විප්ලවය සිදුවීම මාක්ස්වාදීන් හඳුනා ගත්තේ විප්ලව සිදුවන්නේ කේණ්ද්‍රයේ දියුනු කාර්මික රටවලය යන මාක්ස්ගේ ප‍්‍රවාදය ලෙනින් විසින් උල්ලංඝනය කලා වැනි ආකාරයකිනි. නමුත් ලෙනින් අධිරාජවාදය පිළිබඳ ඔහුගේ ප‍්‍රවාද වලින් දියුනු කාර්මික රටවල් යටත් විජිතවාදය තුල සූරා කෑ ප‍්‍රග්ධනය තම රටවලට ගෙන ගොස් එම රටවල පීඩාවට පත් කම්කරු පන්තියේ අසහනය දුරු කිරීමට සුබ සාධන සේවා ඇති කරන ලදී. එම තත්වය තුල එම කම්කරුවන්ගේ ගැටළු පරිභෝජනවාදයෙන් විස්ථාපනය කෙරෙනි. ඒ නිසාවෙන් එම රට වල වාමාශික ව්‍යාපාර මතවාදීමය මෙන් ප‍්‍රයෝගික තලයේ දුර්වල වූ අතර පන්ති විඥානය (Class Consciousness) විසින් සැපිරිය යුතු මිනිස් කලාපය පාරිභෝගික භාන්ඩ අර්චනකාමය(Commodity Fetishism) විසින් අත්පත් කර ගත්තේය.
මෙයින් අපට ලංකාවේ වත්මන් මිනිස් සමාජයේ පන්ති භේදය අදෘෂ්‍යමාන වීමේ ගැටළුව විසඳා ගැනීමට මගක් විවර කර ගත හැක. අද දවසේ ලංකාවේ ඉහල ධනවතෙකු සමාන ලෙස ඕනෑම පුද්ගලයෙකුට ඩෙනිම් කලිසමක් ඕනෑම ඉහල විලාසිතාවල ආභරන සුවඳ විලවුන් පාවහන් භාවිතා කල හැක. ආහාර සඳහා ඉස්තරම් විදෙස් ආහාර පාන ලබා ගත හැක. බ්ලැක් බෙරි ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝනකයක් භාවිතා කල හැක. ගමනාගමන පහසුව තකා සුපිරි පහසුකම් සහිත මෝටර් රථයක් භාවිතා කල හැක. විනෝදාස්වාදය සඳහා විදෙස් චිත‍්‍රපට නාට්‍ය සංගීත වැඩ සටහන් නැරඹීමට අවස්තාව ඇත. ලිංගික කටයුතු සඳහා විදෙස් ගනිකාවක් හෝ චිත‍්‍රපට ටෙලි නාට්‍ය නිලියක් ඇසුරු කල හැක. තමාට අනන්‍යතා ගැටළුවක් ඇත්නම් ගායකයෙකු, නළුවෙකු, නැටුම් ශිල්පියෙකු,ලක්‍ෂපතියෙකු බවට පත් වීමේ අවස්ථාව ද රූපවාහිනී රියැලිටි වැඩසටහන් තුලින් හා අන්තර් ජාල මිතුරු සමාජ තුලින් උදා වී ඇත. ජාතිවාදී ව්‍යාපාර හමුදාව පොලිසිය හිරගෙවල් පාසල් ආගමික ආයතනද මිනිසුන්ට අනන්‍යතා ලබාදෙමින් සිටී ඒ ආකාරයට ධනවාදය මිනිසාට සකලවිධපරිපූර්ණ පරිභෝජන නිදහසක් හා විශේෂ අනන්‍යතාවන් පිරීනමා ඇත.
ඒසේ නම් මේ මතු පිට පෙනුම අනුව තවත් සමාජවාදයක් අපට අවශ්‍යද? මෙම පරිභෝජනය හා ලංකාවේ ඉහල ධනපතියන් යැයි සලකන සමාජ ස්ථරය හා සැසඳුව හෝත් අපට දක්නට හැක්කේ කුමන චිත‍්‍රයක්ද? මේ මතුපිටින් සමාන යැයි පෙනෙන පරිභෝජනය අහසට පොළව මෙන් අපට දිස්වන්නේ ඔවුන් පාරිභෝජනය කරන ඇඳුම් පැළඳුම්,ආහාරපාන, ලිංගික ජීවිතය , සංස්කෘතික ජීවිතය(කලාව සාහිත්‍ය*පාරිභෝගික භාන්ඩ වල ඉහල මිල හා ඉහල නිමාව සහිත ඔර්ජිනල් ඒවා වීමත් අපට සුලබව දක්නට ලැබෙන පාරිභෝගික භාණ්ඩ මිළ අඩු ප‍්‍රමිතියෙන් අඩු නිමාවෙන් යුත් ඩුප්ලිකේට් ඒවා වීමත්ය. සුපිරි පාරිභෝගික භාන්ඩ වල ව්‍යාජ නිෂ්පාදනය ද ධනවාදය ලාභ උපදවන මාධ්‍යකි. තවද එම සුපිරි පාරිභෝජනය සහිත කුලකයේ පාරිභෝජනය අඛන්ඩ වන අතර අනිත් කුලකයේ පාරිභෝජනය අඛන්ඩ නොවන බවයි. ඔවුන් එම පාරිභෝජන අවස්තාවද හිමිකර ගන්නේ ණය වීම් ඉඩකඩම් රන් බඩු උකස් කර ආදී එක්වර තම සියළු ප‍්‍රාග්ධන හැකියාව යොදා ගැනීම සුපිරි පහසුකම් සහිත වාහන නිවාස ආදිය බද්දට ගැනීම ආදී දේ මගිනි. ධනවාදය ණය, පහසුගෙවීමේ,බද්දට දීම(Rent) ක‍්‍රම ආදීය භාවිත කරමින් මිනිසාට මෙම පාරිභෝජනවාදී අවකාශයට ඇතුළුවීමට අවශ්ථාව ලබා දේ එසේනම් අප අවබෝධයට යා යුත්තේ පන්තිය පන්ති භේදය පරිභෝජනවාදය නැමති සළුවෙන් වසා දමා ඇති බවයි. පහල දුර්වල පරිභෝජන මට්ටම සහිත ඉහල සුපිරි පරිභෝජන මට්ටමක් සහිත නැතිනම් නිර්ධන පන්තිය හා ධනපති පන්තිය අතර බෙදුම් රේඛාව අදෘෂ්‍යමාන වීමට හේතුව එයයි. තවද තම අනන්‍යතා පවා ප‍්‍රාග්ධන උවමනාකම් මත නිතර වෙනස් කිරීමට මිනිසාට සිදුව ඇත.
මේ කාර්ය්‍ය වෙනුවෙන් වෙළඳ ප‍්‍රචාරනය විශාල වැඩකොටසක් ඉටු කරයි. පෙර යුගයේ සමාජ ඇගයුම් වලට ප‍්‍රථිපක්‍ෂව නව ඇගයුම් සංඥා(signs)සමාජ ගත කරමින් වෙළඳ ප‍්‍රචාරණය සත්‍ය ලෝකය වෙනුවට විකෘති ලෝකයක් මවයි. මිනිස් සමාජයේ ගැටළුව මනුෂ්‍යත්වය අහිමි වීම නොව පරිභෝජනය පිළිබඳ ගැටළුවක් බවට ප‍්‍රචාරනය විසින් ගෙන හැර දක්වයි. ලංකාවේ ගත් කල සුළු පිරිසක් අද සමාජයේ පාරිභෝජන අවස්තා අහිමි වී ඇති නිසා මනුෂ්‍යත්වය අහිමි වී ඇත. වැඩි පිරිසකට මනුෂත්වය අහිමි වී ඇත්තේ පරිභෝජනවාදයට යට වීම තුලය. ලංකාවේ දේශපාලනයේදී තීරණාත්මක වන්නේ මෙ සඳහන් කල දෙවන කොටසයි. එය ලාංකීය වමේ ව්‍යාපාරය නිවැරැුදිව වටහා ගත යුතුය.
ලාංකීය ඉතිහාසය තුල මාක්ස්වාදය සාකච්ඡුා කලේ වාස්තවිකවාදයක් ලෙසය එම නිසා නිතරම අනුභූතික ගැටළු හා ඒවාට අනුභූතික විසඳුම් සෙවීම වමේ ව්‍යාපාර වල අරමුණ විය. ලංකාවේ දෙමල ජනතාවගේ ගැටළුව ඔවුන්ට ආහාර, නිවාස, වගාබිම්,වෙනම රටක් ආදී භෞතික දේ ලබා දුන් විට විසඳේයැයි වමේ ව්‍යාපාර කල්පනා කලේ එබැවිනි. මිනිස් ආත්මය සම්භන්ද සංවාදයක් නොවුනු තත්වයන් තුල පරිභෝජනවාදය විසින් වමේ ව්‍යාපාර නන්නත්තාර කර දැමූ අතර අවසාන පරීභෝජනයේ පරමාදර්ශ බවට වාමාශික පක්‍ෂ පත්වී සමාජය තුල ඒවා අතාර්කික වී ගියේය.
පැරනි සමාජවාදී රටවල පවා පස් අවුරුදු දස අවුරුදු සැලසුම් හරහා නිෂ්පාදනය ඉහල දැමීමට කටයුතු කල අතර මිනිසාගේ අත්මීයත්වය පිළිබඳ සංවාදය අත්හිටවනු ලැබීය. එම නිසා අපට සරලව එළඹිය හැකි නිගමනය වන්නේ එම රටවල් කොතරම් භෞතික නිෂ්පාදනයක් කලද ඒවා බුක්ති විඳිය හැකි ආත්මීය ගොඩනැගීමක් සහිත මිනිසෙකු බිහි නොකල බවයි. සමාජවාදය තුල මිනිසා පරාරෝපණයකට ලක් විය. කොතරම් හොඳින් භෞතික උවමනා ඒපාකම් ඉටු කල සෝවියට් දේශය බිඳ දමා නිදහස සොයා ඇමරිකාව දෙසට රුසියානුවන් හැරුනේ ඇයිද යන්න ප‍්‍රශ්නයට පිළිතුර උක්ත අදහස් තුල ගැබිව ඇත. පරිභෝජනවාදය විසින් තෘප්තකරන්නේ මෙම මිනිසාගේ ආත්මීයත්වයයි. මිනිසාට ලෝකය සම්පූර්ණයෙන් අවබෝධකරගත නොහැක. හැම විටම අවබෝධයට ගත නොහැකි යමක් ඉතුරුවේ. ලෝකය මිනිසාට අවබෝධ කර ගත නොහැකිය. එමෙන්ම ලෝකය මිනිසාට අවබෝධකර අවසන් කල හැකිය. යන අදහස් දෙකටම මාක්ස්වාදය විරුද්ධය. මිනිසාලේ අනවතර හඹා යාම මනුෂය ස්වභාවය වී ඇත්තේ එම නිසාය. පරිභෝජනවාදය කුළු ගන්වන්නේ ද මිනිසාගේ මෙම ස්වභාවයයි.
මිනිසාට පරම තෘප්තිය කිසිදා ලඟා කර ගත නොහැක. යන අදහසද උක්ත අදහසේම දිගුවකි දැනුම ආශාව ආදී හැම ක්‍ෂේත‍්‍රයටම මෙය පොදුය. එම නිසා භාන්ඩ විවිධාන්ගීකරනය හා ප‍්‍රථිනිෂ්පාදනය හරහා පාරිභෝගික භාණ්ඩ අර්චන කාමයට මිනිසා ගොදුරු කර ඇත. භාන්ඩ උදා:- ජංගම දුරකථන ඉතා කෙටිකලකින් කල් ඉකුත්වේ. ඉන්පසු නවීන පහසුකම් සහිතව නව නිෂ්පාදනයක් කරලියට ඒ පරණ දුරකථනයෙන් නොලබුනු යමක් නව නිෂ්පාදනයේ ඇතැයි උපකල්පණය කර එය ලබා ගනී. ආහාර පාන ඇඳුම් පැලඳුම් ලිංගිකත්වයට පවා මෙය අදාලය. මේ හේතුවෙන් පෙර සමාජයේ පැවති මිනිස් සම්භන්දතා වෙනුවට දේවල් අතර සම්භන්දතාවක් බවට මිනිස් සම්භන්දතා විස්ථාපනය වේ. පරාරෝපණය හරහා සිදුවූ කාන්සාව මගහරින අර්චන වස්තුව බවට පාරිභෝගික භාණ්ඩ පත්වේ පාරිභෝගික භාණ්ඩ අර්චන කාමය (Commodity Fetishism) ලෙස මාක්ස් හඳුනා ගන්නේ එයයි.
පෙර යුගයේ නිෂ්පාදනය ප‍්‍රමුඛ වූ අතර පාරිභෝජනය එයට යටත් විය. නිෂ්පාදනය වෙනුවෙන් පාරිභෝජනය කැප කිරීම පවා මිනිසුන් සිදු කරන ලදී. පැරනි පරම්පරාවේ වැඩිහිටියන් අපි රස්සා කලේ ජීවිත පරදුවට තියමින් යැයි කියන්නේ එම අදහසය. මේ යුගයේ නිෂ්පාදනය පරයා පරිභෝජනය උත්කර්ශයට නැගී ඇත. නිෂ්පාදනය පවා පරිභෝජනවාදී වුවමනා වෙනුවෙන් යට කිරීම මෙම යුගයේ ලක්‍ෂණයයි. සමාජ නිෂ්පාදනය වෙනුවෙන් එය ආරක්‍ෂාකිරීම වෙනුවෙන් පැවතුනු අධ්‍යාපනය(දැනුම*සෞඛ්‍ය අධිකරණ පද්ධති ආගමික සංස්ථා ආදිය පවා ප‍්‍රාග්ධනයේ තර්කනයට ගොදුරු වී ඇති අතර ඒවාද අවසාන අර්ථයෙන් පරිභෝජනවාදයට යට වී ඇත.
පෙර සමාජයේ පැවතුනු ඇගයුම් පරිභෝජනවාදයට යටවී සියල්ල බිඳ වැටී ඇති අතර හොඳ නරක යහපත අයහපත වෙළඳ පොල විසින් යලි අර්ථකථනය කර ඇත. පරිභෝජනයට ඇති මේ නිදහස විසින් කාන්සාවට පත් මිනිසා පොදු සමාජයටම යලි ගැටළු ඇති කරයි. මිනීමැරුම්, ස්තී‍්‍ර ¥ෂණ, අනියම් සම්භන්දතා,සොරකම් ආදීය හරහා ධනේශ්වර ක‍්‍රමයම අර්බුධය අනතුරට ලක් කරයි. මේ තත්වය ලංකාව තුල හොඳින් දක්නට ඇත. නමුත් ධනේශවර ක‍්‍රමයම පැරනි සමාජ අගතීන් ජාතිවාදය ආගම් වාරණයන් ආදිය යලි සමාජ ගත කරමින් මිනිසාගේ පරිභෝජනය හරහා ලබන තෘප්තිය නොනැසී ආරක්‍ෂා කිරීමට කටයුතු කරයි. එමෙන්ම පරාරෝපණයට හේතුව පන්ති විෂමතාවය යන අදහස අතාර්කික කිරීමටද මෙම තත්වයන් භාවිත කරයි.
මෙසේ අදෘෂ්‍යමානව වුවද සූරා කෑම මැනවින් සිදු වන තත්වයක් තුල වමේ මතවාදය සමාජයේ දෘෂ්ඨිවාදයක් බවට පත් කිරීම වමේ ව්‍යාපාරයක වගකීමයි. නමුත් අද දවසේ පරිභෝජනයට ගොදුරු වූ මිනිසා තමා අතෘප්තියට අසහනයට පත් වී ඇති හේතුව පන්ති විෂමතාවය ලෙස හඳුනා නොගනී. ඊට පරස්පරව තම ජීවිතයේ අර්ථය ඇත්තේ තවතවත් පාරිභෝගික භාන්ඩ පාරිභෝජනයේ යැයි විශ්වාස කිරීම මිනිසා පෙළඹී ඇත. තවද තම අතෘප්තියට හේතුව වාර්ගික අනෙකෙකු බවට පත් කර ලංකාවේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාව ප‍්‍රථිවිරුද්ධව ස්ථාන ගත කර ඇත. ලොව පුරා වාර්ගික ගැටළු වල පදනම් වූ කාරනයක් ලෙස මෙය සඳහන් කල හැක.
අප සමාජය වෙනස් කිරීමට කරන මැදිහත් වන්නන් නම් මුලින් අප පරිභෝජනවාදයෙන් ගැලවිය යුතුය. ලාංකීය වමේ ව්‍යාපාරය ජය ගත යුතු එක් අභියෝගක් වන්නේ එයයි. ඇතමුන් වෙළඳ පොලට පැමිනෙන සියළු නවීන දුරකථන භාවිත කරයි. රූපවාහිනියේ විකාශනය වන සියළු ටෙලි නාට්‍ය නාට්‍ය නරඹයි. කවරෙකු හෝ විවේචනාත්මකව ඔබ පරිභෝජනවාදයට විරුද්ධ වාමාශික පුද්ගලයෙකු බව ඔහුට මතක් කල විට මම ඒ පිළිබඳව දැනුවත් නිසා එය ගැටළුවක් නොවන බව ඔහු පවසයි. අප අවබෝධ කර ගත යුත්තේ ධනේශවර ක‍්‍රමය පවත්වාගෙන යන හුය වී ඇත්තේද මෙම දෘෂ්ඨිවාදයම බවයි. සමාජයේ බහුතරය සොසේජස් වලින් ලැබෙන්නේ ස්වාභාවික මස් වලින් ලැබෙන පෝෂනය බව දනී එහෙත් ඔවුන් වැඩි මිළක් ගෙවා සොසේජස්ම මිළයට ගනී. මෙයින් සිදුවන්නේ මෙම පරිභෝජනවාදී ජීවන රටාව සකී‍්‍රයව ඉදිරියට යාමයි. සමාජ ව්‍යාපාරයක වගකීම වන්නේ පරිභෝජනවාදයට එරෙහි නව ජීවන විලාසයක් සමාජ ගත කිරීමයි. මාක්ස් තිබෙන්නා වූ මෙම තත්වය වෙනස් කිරීමට ඔළුව ඇතුලේ අදහස් වෙනස් කර ගැනීමෙන් සිදු කල නොහැකියැයි පවසන්නේ එම නිසාය. වමේ ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡුා පෝස්ටර් ව්‍යාපාර හරහා සිදු කල දේශපාලනය පවතින ධනේශ්වර ක‍්‍රමය විසින් උරා ගැනීම අප වටහා ගත යුත්තේ ඒ අර්ථයෙනි. අප කලයුත්තේ පාරිභෝජනවාදයට විරුද්ධව අල්පේච්ඡු ජීවන රටාවක් සමාජ ගත කිරීමයි. ප‍්‍රාග්ධන තර්කණයට යටවූ කලාව වෙනුවට ප‍්‍රති කලාවක් ස්ථාපිත කිරීමයි. අවසාන අර්ථයේදී එය ධනවාදී දෘෂ්ඨිවාදය වෙනුවට කොමියුනිස්ට්වාදී දෘෂ්ටිවාදය සමාජයට විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමයි. මාක්ස් මාක්ස්වාදය මිනිස් ප‍්‍රයුක්තාවය(Human Praxis) පිළිබඳ අදහසක් බව පැහැදිලි කරන්නේ එබැවිනි.
මහජනයා අරගල බිමට කැඳවිය යුත්තේ සියළු සමාජ ප‍්‍රශ්න මෙම ක‍්‍රමය තුල විසඳා ධනේශවර ක‍්‍රමය ස්ථායි කිරීමට නොව (එසේ කල නොහැකිය.)ධනපති ක‍්‍රමය විසින් මිනිසාට අහිමි කල මනුෂ්‍යත්වය යලි ලබා ගැනීම සඳහා අරගල කිරීමටයි. පරිභෝජන අවස්ථා අහිමි වීම නිසා මනුෂත්වයෙන් වියෝ වී පරාරෝපණයට පත් ව ඇත්තේ ලාංකීය සමාජයේ සීමිත කොටසකි. එම පන්තියටම අයත් බහුතරයේ ගැටළුව පරිභෝජන අවස්තා අඛන්ඩව පවත්වාගෙන යාමයි. නැතිනම් පරිභෝජනවාදය නිසා මනුෂ්‍ය ස්වභාවය අහිමි වීමයි. මාක්ස්වාදයේ මූලික අරමුණ අප හඳුනා ගත යුත්තේ මිනිසුන්ට කෑම ඇඳුම් පැලඳුම් වාසස්ථාන ලබා දීම නොව එය පැරනි වාමාශික අදහසයි. එය මාක්ස් එංගස් ලෙනින් ජීවත්වූ 18/19 සියවස් වලට අදාලව සත්‍යකි. එමෙන්ම සාගතයන් හා අරාජික තත්වයන් මත විනාශයට පත් අපි‍්‍රකානු ආදී රට වලට එය අදාලය එය එසේ වුවද අද ලංකාවේ හා ලෝකයේ පොදු තත්වය ඊට වෙනස්ය. මිනිසුන්ට පාරිභෝජන අවස්තා සැලසීම මේ වන විට ධනේශ්වර ක‍්‍රමය හොදීන් කරමින් සිටී මාක්ස්වාදීන් කල යුත්තේ ධනපති ක‍්‍රමය විසින් මිනිසුන්ට අහිමි කරන මනුෂ්‍යත්වය නැවත ලබා දීමයි. පරිභෝජනය සඳහා ජීවිතය පවත්වාගෙන යනවා වෙනුවට එනම් පාරිභෝජනවාදය වෙනුවට ජීවිතය පවත්වාගෙන යාම සඳහා පාරිභෝජනය යන දෘෂ්ඨිවාදය අප සමාජ ගත කල යුතුය. එමෙන්ම එය ව්‍යවහාරයට ගෙන ආ යුතුය.
ඉදිරිපත් කල අදහස සාරාංශ කල හොත්
18/19 සියවස් වල ආකාරයට ධනවාදී සූරා කෑම පන්ති භේදය අද දවසේ දෘෂ්‍යමාන නැත. පරිභෝජනවාදය හා ජාතිවාදය විසින් මෙය සඟවා ඇත. මෙය අදහස් ක්‍ෂේත‍්‍රයේ පමනක් නිරාවරණය කර ගැටළුය විසඳිය හැකි නොවේ. මෙයින් අදහස් වලින් අරගල කිරීම ප‍්‍රථිශේප නොවේ. මාක්ස් කියන්නේ මෙම අදහස් ව්‍යවහාරයට ගෙන එන ලෙසය. ලංකාවේ වමේ ව්‍යාපාරය අදහස් තුලින් දශක අටක් පමණ අරගල කර ඇත. නමුත් සමාජ තවමත් වෙනස් වී නැත. නමුත් ලාංකීය වමේ ව්‍යාපාරය වෙනස් විය. අද දවසේ දේශපාලනය යනු අදහස් ව්‍යවහාරයට නැගීම වන්නේ එම නිසාවෙනි.

Thursday, February 16, 2012

බිත්ති පුවත් පතේ දෙවන පියවර කතුවැකිය


විශාල දේශපාලන කුනාටුවකින් පසු අප පසු ගිය බිත්ති පුවත් පත හරහා ඔබ හමුවට ආවෙමු පක්‍ෂය තුල ඇති වූ මතවාදී සංවාදය හා අපට එල්ල වූ විවේචන වලට ප‍්‍රථිචාරය එහි හරය විය. එහි අපේ අනිකා අප අකමැත්තෙන් වුව අපගේ පැරණි සහෝදරවරු බවට පත්කර ගැනීමට අපට සිදු විය. අපට මේ කලාපයේ දී කීමට ඇත්තේ අනාගතයේ දිනක සමාන අදහස් සහිතව අරගල භූමියකදී අප හමුවන තෙක් අප ඔබ අත්හැර දමන බවයි. අපේ අනිකා පැරණි සහෝදරවරුනි ඔබ නොව ධනවාදයයි එමෙන්ම පෙර කලාපයේ පැවසූ පරිදිම මේ සියළු සිද්ධි වල විනිශ්චය කරුවා ඔබ හෝ අප නොව ඉතිහාසයයි. අප ඒ ඉතිහාසයේ විනිශ්චයට ඉඩදෙමු.
අපේ බිත්ති පුවත් පතින් අප සූදානම් වන්නේ ධනවාදයට එරෙහි දෘෂ්ඨිවාදී අරගලයේ අංශු මාත‍්‍රයක කොටසක් ඉටු කිරීමට වෑයම් කිරීමයි එම නිසා මෙවර කලාපයෙන් අප නිදහස පිළිබඳව සාකච්ඡුා කිරීමට තීරණය කලෙමු බූර්ෂුවා(ධනේශ්වර* නිදහස අප මාක්ස්වාදී අර්ථයෙන් අප අර්ථ කථනය කල යුතුවෙමු. එහි පන්ති ස්වභාවය අප වටහා ගත යුතු වෙමු නිදහස ව්‍යාජයක් බව දැන දැනම මාක්ස්වාදීන් එය යලි සාකච්ඡුා කරන්නේ ඇයිදැයි ලිබරල් මිතුරන් අපෙන් විමසති. වත්මන් සමාජය මෙම නිදහස යථාර්තය ලෙස භාර ගෙන පීඩාවෙන් දුක්ඛිත ලෙස මෙම ක‍්‍රමය පවත්වා ගෙන යාමට නිහඩව අනුමැතිය ලබා දෙන්නේ නම් ප‍්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් නිදහස ධනවාදය නිසින් නැවත නැවත සිංහ කොඩියේ පටන් සියළු පාරිභෝගික භාණ්ඩයන් තුල ආයෝජනය කරන්නේ නම් අප මෙම ව්‍යාජය හෙලිදරවු නොකල යුතුද? ධනවාදය නිදහස ආත්මාර්තකාමීත්වය තුල පුද්ගලිකත්වය තුල සෝයා ගනිද්දී අප ඊට පරස්පරව පරාර්ථකාමීත්වය සාමූහීකත්වය තුල නිදහස සොයාගත යුතු නොවන්නේද? නිදහස තොරොම්බල් කිරීම හරහා මහින්ද රාජපක්‍ෂ රෙජීමය තවතවත් දෘෂ්ඨිවාදීමය ලෙස ශක්තිමත් වන රහස අප හෙලිදරවු කල යුතු වෙමු නිදහසේ ස්වර්ග රාජ්‍ය සොයා යාමේ ඉතා අසීරු ව්‍යායාමය වෙනුවෙන් ඔබ දෘෂ්ඨිවාදීමය ලෙස සැරසීම භාර ගන්නා දෘෂ්ඨිවාදී විලාසිතාකරුවන් අපය.මේ වෑයම ඒ නෙුවෙනි.

Tuesday, February 14, 2012

ෆොයර්බාහ් තිසීසය රුසියානු පරි වර්ථන දෝෂ මගහැර කියවීමට


1 ෆොයාබාක් ඇතුළු මෙතෙක් පවතින සියලු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ, දෙය, යතාර්ථය සහ ඉන්ද්‍රිය ගොචරත්වය සංකල්ප ගත වී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥානයෙහි ( intuition ) ආකෘතියක් ( අකාරයක් ) තුල පමණක් මුත්, එය එසේ වන්නේ මිනිස් ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරිත්වය ලෙස, ව්‍යවහාරික ලෙස හෝ විශයික නොවන ලෙසයි. මෙතැන් සිට, එය භෞතිකවාදයට හාත්පසින්ම වෙනස් භාවයකින් ( අකාරයකින් ), එහි ක්‍රියාකාරී පැත්ත ( අංශය ) විඥානවාදය විසින් වියුක්තව වර්ධනය කෙරුනේ, සත්තකින්ම විඥානවාදය එවැනි ඉන්ද්‍රියගෝචර ක්‍රියාකාරිත්වයක් හෝ යථ ( real) නොදන්නවා යන්නෙහි සිටය. ෆොයාබාක්ට සත්‍යවශයෙන්ම සංකල්පිත වස්තුන්ගෙන්ගෙන් වෙනස් වන ඉන්ද්රියගෝචර වස්තුන් අවශ්‍ය කරන මුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වයම යනු වාස්තවික ක්‍රියාකාරීත්වය බවයි. එම නිසා "ක්‍රිස්තියානියෙහි සාරය" තුල න්‍යායික අකාරය නියම වශයෙන් එකම මිනිස් සාරය හැටියට පමණක් සලකන්නේ ව්‍යවහාරය සංකල්ප ගත වී ඇත්තේ සහ ස්ථාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් ව්ද්‍යාමාන වීම තුලය යන්න අතර තුරය. එම නිසා ඔහු ග්‍රහණය කර නොගන්නේ ව්‍යවහාරික-විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි විප්ලවකාරී අර්ථාන්විත භාවයයි.
* Anschauung *
කාන්ට්ට සහ හේගල්ට අනුව ඉන්ද්‍රියන් තුලින් දැනුවත්කම ( වැටහීම ) හෝ ඍජු දැනුම යන්න හේගල්ගේ සහ කාන්ට්ගේ කෘතීන්හි ඉංග්‍රීසි පරිවර්ත්නයන්හි පරිවර්තනයවී ඇත්තේ intuition යනුවෙනි. මෙම අර්ථය ( හැඟීම ) තුල මාක්ස් විසින් භාවිතා කරන වචනය වනුයේ Anschauung යන වචනයයි. ඔහු විසින් එය භාවිතා කරනුයේ contemplation යන වචනයෙහි අර්ථය තුල නොවේ. කෙසේ වුවත් එය වැරදි සහගත ලෙස contemplation යනුවෙන් පරිවර්තනය වී ඇත.

2
වාස්තවික සත්‍ය මිනිස් චින්තනයෙන් අවබෝධ කරගත හැකිද යන ප්‍රශ්නය න්‍යායෙහි ප්‍රශ්නයක් නොවන මුත් එය ව්‍යවහාරික ප්‍රශ්නයකි. එය, මිනිසා විසින් සත්‍ය තහවරු කල යුතුම වන්නේ, එනම් යතාර්ථය සහ බලය වන්නේ ඔහුගේ චින්තනයේ ලෞකිකත්වයයි. චින්තනයේ යතාර්ථය හෝ නො-යතාර්ථය පිලිබඳ විවාදය ව්‍යවහාරයෙන් වෙන්කරන ලද වීම හුදෙක් විද්‍යාවන් පිලිබඳ ප්‍රශ්නයකි.

3
එම භෞතිකවාදී දැක්මට ( මතයට ) අනුව මිනිසුන් වනාහි තත්වයන්ගේ ( ස්වභාවයන්ගේ ) සහ ශික්ෂණයේ නිෂ්පාදනයන්ය සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් තත්වයන්ගේ ( ස්වභාවයන්ගේ ) සහ වෙනස් ශික්ෂණයේ නිෂ්පාදනයන්ය සහ එය අමතක කරන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය ( ස්වභාවය ) වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි. එම නිසා මෙම භෞතිකවාදී මතය අනීවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිණෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි. ( උදාහරණයක් ලෙස රොබට් ඕවන් )
තත්වයන්ගේ වෙනස්වීමේ සහ මිනිස් ක්‍රියාකාරීත්වයේ සමපාතය ( එක විට සිදුවීම ) සංකල්ප ගත විය හැකිවන්නේ සහ සබුද්ධිකව අවබෝධකරගත හැකිවන්නේ විප්ලවීකරනීය ව්‍යවහාරයක් ලෙස පමණි. (revolutionizing practice )

4
ආගමික ස්වයං පරාරෝපනය යන කාරණය වෙතින් ෆොයාබාක් ආරම්භ කරන්නේ, ලෝකයේ ද්විකරණය අගමිකයක් තුලටය. එනම් සංකල්පිත ලෝකය සහ සැබෑ ලෝකය ලෙසය. ඔහුගේ කටයුත්ත අන්තර්ගත කරගන්නේ ( සමන්විත වන්නේ ) ආගමික ලෝකය එහි ලෞකික පදනම තුලට දිය කර හැරීම තුලය. මෙම කාර්ය සම්පුර්ණ කිරීමෙන් පසු ඔහු නොදකිනා කාරණය නම් ප්‍රධාන දෙය තවමත් ඉටු කිරීම සඳහා ඉතිරිව පවතින බවය. එම කාරණය සඳහා ලෞකික පදනමම එය විසින්ම ලෞකික පදනමෙන් වෙන්කරන්නේ (ලෞකික පදනම එයම එය වෙතින් වෙන්කරන්නේ ) සහ එය විසින්ම ස්ථාපිත කරන්නේ ( පිහිටවන්නේ ) අවිනිශ්චිතභාවයන් තුල ස්වායත්ත ක්ෂේස්ත්‍රයක් ලෙස පමණක් නිවැරදි ලෙස ලෞකික පදනමේ බරපතල ස්වයං කොටස්කරනය සහ පරස්පර විරෝධීභාවය මගින් පැහැදිලි කරන ලද වන්නටය. (පැහැදිලි වීමටය) එම හේතුවෙන් පසු කී දෙයම පළමුව තේරුම්ගත යුතුම වන්නේ එහි ප්‍රතිවිරෝධිතාව තුල සහ ඉන්පසුව ප්‍රතිවිරෝධිතාවයේ බහිශ්කරණය විසින් ව්‍යවහාරය තුල විප්ලවීයකාරණයයි. උදාහරණයක් ලෙස මෙසේ වරක්වත් ශුද්ධවූ පවුලේ රහස සැබවට පවතින පවුල ( ලෞකික පවුල ) වන බව සොයා ගනී ඇති විට ලෞකික පවුල එය විසින්ම විවේචක විය යුත්තේ න්‍යාය තුල සහ විප්ලවීය විය යුත්තේ ව්‍යවහාරය තුලය.

5
වියුක්ත චින්තනයෙන් තෘප්තිමත් නොවන ෆොයබාක් ඉන්ද්‍රියගෝචර සහජඥානය වෙත ආයාචනා කරයි. නමුත් ඉන්ද්‍රියගොචරතාවය යනු මිනිස්-ව්‍යවහාරික ඉන්ද්‍රියගොචර ක්‍රියාකාරීත්වයක් ලෙස ඔහු තේරුම් නොගනී.

6
ෆොයාබාක් ආගමික සාරය දිය කර හරින්නේ මිනිස් සාරය තුලටය. නමුත් මිනිස් සාරය යනු එක් එක් තනි පුද්ගලයා තුල වියුක්තන නෛසර්ගිකයක් නොවේ. එහි යතාර්ථය තුල එය සමාජ සම්බන්ධතාවයන්ගේ වෘන්දයකි. ෆොයාබාක් මෙම යථා මිනිස් සාරයේ විචාරාත්මකයක් මතට නොපිවිසීම ප්‍රතිපලාත්මකව බල කෙරී ඇත්තේ
1.
ඓතිහාසික ක්‍රියාවලිය වෙතින් වියුක්ත කිරීමට සහ ආගමික මනෝභාවය එයම සඳහා යම් දෙයක් ලෙස තහවරු කිරීමට සහ වියුක්ත හුදකලා මිනිස් පුද්ගලයෙකු පූර්වකල්පනය කිරීමටය.
2.
එම නිසා ඔහුට අනුව ( ඔහු කරණකොටගෙන ) මිනිස් සාරය ජානමය ලෙස පමණක් අභ්‍යන්තරික ගොළු පොදුතාවයක් විසින් බොහෝ පුද්ගලයින් හුදෙක් සොභාවික ලෙස සම්බන්ධ කරයි යන්නයි.

7
ප්‍රතිඵලමය වශයෙන්, ෆොයාබාක් නොදකින්නේ ආගමික මනොභාවයම යනු සමාජ නිෂ්පාදනයක් සහ ඔහු විසින් විශ්ලේෂණය කරනා වියුක්ත පුද්ගලයා අයත් යතාර්ථය සමාජයේ නිශ්චිත ආකෘතියක් ( අකාරයක් ) යන්නයි.

8
සමාජ ජීවිතය ප්‍රධාන වශයෙන් ප්‍රායෝගිකය. සියලු අභිරහස් විසින් නොමග යන න්‍යාය කැඳවාගෙන යන්නේ මිනිස් ව්‍යවහාරය තුල සහ මෙම ව්‍යවහාරයේ අවබෝධය තුල ගූඩවාදයන් විසින් සොයාගන්නා ඒවායේ තාර්කික විසඳුම් වෙතය.

9
සහජඥානන භෞතිකවාදය එනම් ඉන්ද්‍රියගෝචරතාවය යනු ව්‍යවහාරික ක්‍රියාකාරිත්වය ලෙස තේරුම් නොගන්නා භෞතිකවාදය මගින් අත්කරගන්නා ලද ඉහලම ස්ථානය වී ඇත්තේ සිවිල් සමාජය තුල තනි තනි පුද්ගලයන්ගේ දෘෂ්ටියයි.

10
පැරණි භෞතිකවාදයේ ස්ථාවරය සිවිල් සමාජය වන විට නව භෞතිකවාදයේ ස්ථාවරය මිනිස් සමාජය හෝ පොදු අයිතියට පවරන ලද ( සමාජනුයුක්ත ) මනුෂ්‍යත්වයකි.

11
දාර්ශනිකයෝ විවිධ අකාරයෙන් ( නන් අයුරින් ) ලෝකය අර්ථගන්වා ඇත්තා පමණි. එය කෙසේ වෙතත් ප්‍රධාන කාරණය වී ඇත්තේ ලෝකය වෙනස් කිරීමය.

Saturday, December 31, 2011

අපේ කතාව


අපේබිත්තිපුවත්පතේනම turn left ලෙසඑදාඅපසටහන්කලෙමු. ඔබඑදාඅපෙන්ඇසුවේඑසේනම්අපඉන්නේදකුණේදැයිය. අපනිහඩවසිනාසුනෙමු. අපේඅදහසවූයේඅපේපක්‍ෂයවමේසිටකෙමෙන්දකුණ වෙත සංක‍්‍රමණයවනබවකිි. ඒ වෙනුවටපක්‍ෂය තුල වමේමතය තහවුරුකිරීමවෙනුවෙන්අප කල අරගලය අපද්‍රෝහීන්ලෙසනාමකරණයකරමින්අවසන්ව ඇත. පක්‍ෂයේඅධිකාරීන්පක්‍ෂයටපිටින්සිටකරනඅරගලයක්වෙත අප තල්ලූ කර ඇත. එයඅපආශිර්වාදයක්ලෙසසලකමු. විසල්පක්‍ෂයක්ගොඩනැගීමසඳහාරෝහණසහෝදරයාට තිබූධෛර්ය,දැනුමහාශක්තියපමණක්අපටප‍්‍රමාණවත්ය. රෝහණසහෝදරයාගේඅරමුණබලාපොරොත්තුව වූ ලංකාව තුල සමාජවාදයගොඩනගනපක්‍ෂයබවටපත්වීමඅපේබලාපොරොත්තුවයි. සමාජවාදයගොඩනැගීමටධෛර්ය,ශක්තියහා දැනුමෙන්සපිරුනුමිනිසුන්අපටඋවමනාය. මිනිසුනි, බොරුමඩගැසීම්අවලාද රැුවටීම්හරහාඔබදිනා ගැනීමටඅපටඅවශ්‍යනැත. අපිඔබටසත්‍යමිසඅන්යමක්නොපවසමු. අපද්‍රෝහීන්දැයිවීරයින්දැයිඉතිහාසයවිසින් තීරණයකරනු ඇත. අපේපක්‍ෂයකොන්දේසිවිරහිතවආරක්‍ෂාකරනහැඟීම්බරමිනිසුන්ටඅපටපැවසියහැක්කේහැඟීම්වලටස්වාධීනවකලහැකිකිසිවක්නොමතිබවයි. හැඟීම් දැනුමෙන්කලමණාකරනයවියයුතු බවඅපේශ්‍රේෂ්ඨ ගුරුවරුන්ඉගැන්වූදයලෙක්තිකයභෞතිකවාදී පාඩමයි. අපේ මිතුරන්අපබහුතරයටයටත්නොවීම ගැනදොස්කියති. අපටපැවසීමටඇත්තේබහුතරයමනින්නේඔළුගෙඩිවලින්නොවනබවයි. මාක්ස්වාදී පක්‍ෂයකබහුතරයජාතිවාදී/අවස්ථාවාදී මතවාදයදරුවහෝත්අපඑයපිලිගත යුතුදැයිඔවුන්ගෙන්අපපෙරලාඅසන්නෙමු. මාක්ස්වාදී පක්‍ෂයකබහුතරයයනුඔළුගෙඩි වල බහුතරයපමනක්නොවනිවැරැුදි මාක්ස්වාදී පදනමෙන්යුතු මතවාදී නිවැරදිබහුතරයකි. නිවැරැුදි බොල්ෂෙවික්අදහසඑයයි. ඔවුන්අපඊලාම්වාදීන්යැයි. චෝදනාකරති. අපඊලාම්අරගලය විමුක්තිඅරගලයක්ලෙසනොසලකමු. අපබෙදුම්වාදයප‍්‍රථිශේපකරන්නෙමු. ස්වයංනිර්ණඅයිතියඅපපිළිනොගන්නෙමු. එමෙන්මඅපජාතිවාදීන්නොවන්නෙමු ලාංකීයසමාජවිප්ලවයයථාර්තයක් කල හැක්කේසිංහල ජනතාවමෙන්මදෙමළජනතාව ද අපටදිනා ගැනීමෙන්පමණක්බවඅපඉර හඳ සේවිශ්වාසකරන්නෙමු. එමෙන්මඅදේශපාලනිකඅනුරාගයක්වෙනුවටදෙමළජනතාවකෙරෙහිදේශපාලනිකඅදහසක්වෙනුවෙන්අපඅරගල කරන්නෙමු. අපගේඅනාගතය රැුඳී ඇත්තේසභාගදේශපාලනයේයැයිවිශ්වාසකරන්නන්ටඅපටපැවසීමටඇත්තේරෝහණසහෝදරයාගේ ”රතු ඔක්තොම්බරයේපාඩම්” නැමතිමහැඟිදේශනයේ ලිිඛිත පිටපත හාඅවස්ථාවාදයද? නිර්ධනපන්තිජාත්‍යන්තරවාදයද? යනකෘතිකියවනලෙසය. අපටකීමටබොහෝදේ ඇතත් දැනට අපිනවතින්නෙමු. අපඅභියෝගයභාර ගන්නෙමු. අපේජීවිත ලංකාවේසමාජවාදී විප්ලවයවෙනුවෙන්දියකරහැරීමටඅපසූදානම්ය. ප‍්‍රතිලාභවෙනුවටඅනන්තයඋදෙසාකැපවීම්කරනඔබඅපටඅවශ්‍යය.
මේමහන්සිය ඒ වෙනුවෙනි.


Monday, August 1, 2011

උතුරේ මගේ දමිළ නෑයින්ට




උතුරේ මගේ දමිළ නෑයිනි
මේ මල් මිට ඔබටයි
පෙන්නුවාට
දකුණේ ඉස් මොල නැති වුන්ට
ඡුන්දයක් කියන්නේ
ඔබේ අපේ ජීවිතයම බව

සියල්ල අහිමිවත්
ඉදිරියේ හැමවිටම
පෙනී සිටින අහේතුක මරණය
පමනක් හිමි බව
දැන දැනම
පෙනී සිටියාට
යුක්තිය වෙනුවෙන්
හෘදසාක්‍ෂිය
බත් පාර්සල් වලට
ආත්මාර්ථයට
පාවා නොදුන්නාට
මේ මල් මිට ඔබට

අඳුරු කළු ජූලිය දවසෙම
අවුරුදුම විසි අටකට පසු
ආලෝකයෙන් පිරෙව්වාට
එදා දවසම
යුක්තිය වෙනුවෙන් ඔබ සමග
මියෙන්නට වුව
මලේ හදවත
ධෛර්යෙන් පිරෙව්වාට

අවසන
මේ නරුම කෲර ආණ්ඩුවට
රිදෙව්වාට මේ මල් මිට ඔබට
උතුරේ මගේ දමිළ නෑයිනි ඔබට

Monday, November 29, 2010

ප‍්‍රකෘතිය/අනුභූතිය/චින්තනය/වචනය/කි‍්‍රයාව





මම ප‍්‍රයත්න දරමි.
උරා ගන්නට
ප‍්‍රකෘතියේ ඇති සමස්තයම
මාගේ ඉන්ද්‍රීයයන් වලට
නමුත් හැම විටකම
ඉතිරි විය.
උරාගත නුහුනු යමක්
ප‍්‍රකෘතිය තුල

මම ප‍්‍රයත්න දරමි.
ගොනුකරලන්නට
ඉන්ද්‍රීයයන් උරා ගත්
අනුභූතීන් සියල්ල
මගේ චින්තනයට
නමුත් හැම විටකම
ඉතිරි විය.
මේ ගතික ලෝකයෙන්
උරා ගත් දේ අතර
චින්තනයට ගෙන ආ
නොහී ඉතිරි වන යමක්

මම ප‍්‍රයත්න දරමි.
උරා ගත් දේ චින්තනයට
නගන්නට වචනයට නමුත් හැම
විටකම ඉතිරි විය.
වචනයට නගාගත නුහුනු යමක්
චින්තනය තුල

මම ප‍්‍රයත්න දරමි.
අඩු ලූහුඬු ඇතත් ඒ වචන
නගන්නට කි‍්‍රයාවට
නමුත් හැම විටකම
වචන හා කි‍්‍රයාව අතර
මහ හිඩසක් ඉතිරි විය.
පියවා ලන්තට නුහුනු

Slideshow

Loading...