Search This Blog

Loading...

Thursday, February 16, 2012

බිත්ති පුවත් පතේ දෙවන පියවර කතුවැකිය


විශාල දේශපාලන කුනාටුවකින් පසු අප පසු ගිය බිත්ති පුවත් පත හරහා ඔබ හමුවට ආවෙමු පක්‍ෂය තුල ඇති වූ මතවාදී සංවාදය හා අපට එල්ල වූ විවේචන වලට ප‍්‍රථිචාරය එහි හරය විය. එහි අපේ අනිකා අප අකමැත්තෙන් වුව අපගේ පැරණි සහෝදරවරු බවට පත්කර ගැනීමට අපට සිදු විය. අපට මේ කලාපයේ දී කීමට ඇත්තේ අනාගතයේ දිනක සමාන අදහස් සහිතව අරගල භූමියකදී අප හමුවන තෙක් අප ඔබ අත්හැර දමන බවයි. අපේ අනිකා පැරණි සහෝදරවරුනි ඔබ නොව ධනවාදයයි එමෙන්ම පෙර කලාපයේ පැවසූ පරිදිම මේ සියළු සිද්ධි වල විනිශ්චය කරුවා ඔබ හෝ අප නොව ඉතිහාසයයි. අප ඒ ඉතිහාසයේ විනිශ්චයට ඉඩදෙමු.
අපේ බිත්ති පුවත් පතින් අප සූදානම් වන්නේ ධනවාදයට එරෙහි දෘෂ්ඨිවාදී අරගලයේ අංශු මාත‍්‍රයක කොටසක් ඉටු කිරීමට වෑයම් කිරීමයි එම නිසා මෙවර කලාපයෙන් අප නිදහස පිළිබඳව සාකච්ඡුා කිරීමට තීරණය කලෙමු බූර්ෂුවා(ධනේශ්වර* නිදහස අප මාක්ස්වාදී අර්ථයෙන් අප අර්ථ කථනය කල යුතුවෙමු. එහි පන්ති ස්වභාවය අප වටහා ගත යුතු වෙමු නිදහස ව්‍යාජයක් බව දැන දැනම මාක්ස්වාදීන් එය යලි සාකච්ඡුා කරන්නේ ඇයිදැයි ලිබරල් මිතුරන් අපෙන් විමසති. වත්මන් සමාජය මෙම නිදහස යථාර්තය ලෙස භාර ගෙන පීඩාවෙන් දුක්ඛිත ලෙස මෙම ක‍්‍රමය පවත්වා ගෙන යාමට නිහඩව අනුමැතිය ලබා දෙන්නේ නම් ප‍්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් නිදහස ධනවාදය නිසින් නැවත නැවත සිංහ කොඩියේ පටන් සියළු පාරිභෝගික භාණ්ඩයන් තුල ආයෝජනය කරන්නේ නම් අප මෙම ව්‍යාජය හෙලිදරවු නොකල යුතුද? ධනවාදය නිදහස ආත්මාර්තකාමීත්වය තුල පුද්ගලිකත්වය තුල සෝයා ගනිද්දී අප ඊට පරස්පරව පරාර්ථකාමීත්වය සාමූහීකත්වය තුල නිදහස සොයාගත යුතු නොවන්නේද? නිදහස තොරොම්බල් කිරීම හරහා මහින්ද රාජපක්‍ෂ රෙජීමය තවතවත් දෘෂ්ඨිවාදීමය ලෙස ශක්තිමත් වන රහස අප හෙලිදරවු කල යුතු වෙමු නිදහසේ ස්වර්ග රාජ්‍ය සොයා යාමේ ඉතා අසීරු ව්‍යායාමය වෙනුවෙන් ඔබ දෘෂ්ඨිවාදීමය ලෙස සැරසීම භාර ගන්නා දෘෂ්ඨිවාදී විලාසිතාකරුවන් අපය.මේ වෑයම ඒ නෙුවෙනි.

0 comments:

Post a Comment

Slideshow

Loading...